Friday, February 15, 2013

ඔබ


සයුර මුදු රළ පෙළ සීඹී නම් නලත

සියළු දෙය නැති කොට තුරුළු වෙමි මම ඔබට

විත් නොයිද යන විට ඔබ මගේ බව නොදැන

ඇයි ද මා මේ ලෙසක නැගෙයි පැන රහසේම

ලෝකය ද එරෙහිය  ඔබ ලගම සිටින විට

යන්නටද නොහැක මට හැර දමා ඔබ ඈත

විත් ගෙවනු රල පහර නැත මටද දැකගන්න

මතකයද නැත මට ඔබව හමු වූ බවට

නැවත ඔබ පැමිණෙන්න

විත් ආපසු යන්න

 හිමිකම්ද නැත ඔබට වෙරළ ළග නවතින්න.........

2 comments:

  1. මම වැඩිපුර කැමති සඳැස් වලට වුනත් මේ නිසඳැස ලස්සනයි කියල නම් කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ... :)

      Delete